ඔක්තෝබර් මස පළමු සතියේදී ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි.

මාධ්‍යය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඔක්තෝබර් 14 වන දා වන විට මෙරට නව ජනාධිපතිවරයෙකු පත් විය යුතු බවයි.

එමෙන් ම, ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද අනිවාර්යයෙන් ඉදිරිපත් වන බව ඔහු පැවසීය.

එහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා,
“රට ගොඩ දාන්න නම් මේ ජනාධිපතිවරයාට තව එක වතාවක් ලැබෙන්න ඕනේ. මේ කෙටි කාලයකදී ලෝකයේ බංකොලොත් වෙච්ච රටක් වෙනස් කරපු කෙටි ම කාලීන ජනාධිපතිවරයා.” බවත් ප්‍රකාශ කලේය.