මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඊයේ (14)  දිනයේ සියලුම දෙනා ඩිස්නිලන්තයේ විනෝද චාරිකාවක් රැගෙන ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසා ඇත.

පොරොන්දු දේශපාලනය රට බංකොළොත් කරන බවට ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශ කළ බවත් රට බංකොළොත් කළ පිරිස ආණ්ඩුවේ තවමත් සිටින බවත් අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

මේ වන විට වේල් තුනක් ආහාරගත් නිවෙස්වල වේල් දෙකක් පමණක් ආහාර ගන්නා බවත් දරිද්‍රතා රේඛාවේ මිලියන 5 ක්ව සිටි පිරිස මේ වන විට මිලියන 7 දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු පෙන්වා දී ඇත.

ලක්ෂ 6 කට වැඩි පිරිසකගේ මේ වන විට විදුලිය විසන්ඳි කිරීමට කටයුතු කර ඇති බවත් මේ හේතුවෙන් දරුවන්ට අධ්‍යාපන කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න වැඩිදුරටත් සඳහන් කර තිබේ.