වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති ජලාශවලින් සියයට 95ක් ම මේ වනවිට පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

අම්පාර ප්‍රදේශයේ ජලාශ කිහිපයක් හැරෙන්නට දිවයිනේ ප්‍රදේශ ගණනාවක ජලාශ පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් මෙසේ පිටාර මට්ටමට පැමිණ තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශ 263ක් පවතින අතර එයින් ප්‍රධාන පෙළේ ජලාශ 73න් 34ක් ම ඊයේ (නොවැ. 23) සවස වන විටත් පිටාර ගලමින් පැවති අතර සෙසු ජලාශ ද පිටාර මට්ටමට ළඟා වී ඇතැයි වාර්තා වේ.

මීට අමතරව ලංකා විදුලි බල මණ්ඩලය යටතේ පවතින සමනළ වැව ජලාශය වසර 10කට පසු ඊයේ වාන් දැමූ අතර කාසල්රී ජලාශය වසර 3කට පසුව පිටාර මට්ටමට පත්විය.