දැදුරුඔය, තබෝව, රාජාංගනය, යාන්ඔය, වෙහෙරගල ඇතුලු ප්‍රධාන ජලාශ 18ක් වාන් මට්ටමේ පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමණාකරණ) ඉංජිනේරු සුදර්ශණී විදානපතිරණ පවසා ඇත.

ඒ පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් වේ.

මෙයට අමතරව වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73 හි ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව ද  ඇය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව දිවයින පුරා ජලාශවල ජල මට්ටම මට්ටම සියයට 50 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය අක්කර අඩි අට ලක්ෂ 15 ඉක්මවා ඇති බවත් විදානපතිරණ මහත්මිය වැඩිදුරටත් සඳහන් කර ඇත