කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේ ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසා ඇත.

ඒ අනුව කොළඹ 11,12,13,14 සහ 15 ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සිදු වේ.

මෙම ජල කප්පාදුව සිදු කරන්නේ අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්‍ෂණ ව්‍යාපෘති මඟින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් බව ද සඳහන් වේ.

ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසන්නේ හෙට (04) සෙනසුරාදා දින පස්වරු 7.00 සිට නොවැම්බර් 05 වන ඉරිදා දින පෙරවරු 5.00 දක්වා පැය 10ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවනු ලබන බවය.

ජල ප්‍රවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජල සැපයුම අත්හිටුවීමෙන් සිදු වන අපහසුතාවය පිලිබඳ සිය කනගාටුව ප්‍රකාශ කරන අතර,අවශ්‍ය ජලය කල්තබා රැස් කර ගන්නා ලෙසය.