අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

නව ගාස්තු සංශෝධනය අනුව මෘද්ධිලාභීන්ගේ සහ වතු නිවාසවල ජල ගාස්තු ඉහළ දැමීමක් මෙවර ගාස්තු සශෝධනයේ දී සිදුකර නොමැති බවයි සඳහන් වේ.

සමෘද්ධිලාභීන් සහ වතු නිවාස හැර ගෘහස්ථ ජල ගාස්තුව මුල් ඒකක 05 සඳහා ඒකකයක් සඳහා අයකරන ගාස්තුව රුපියල් 60 ක් දක්වා ඉහළ දමා ඇති අතර මාසික ගාස්තුද අදාළ ඒකක ප්‍රමාණය අනුව වැඩිකර ඇත.

පොදු ජල කරාම, උද්‍යාන ජල කරාම, රජයේ පාසල්, ආගමික ස්ථාන,රජයේ අනුමත පුණ්‍යායතන, රජයේ ආයතන සහ රජයේ රෝහල්වල ජල ගාස්තුව ද මෙවර ගාස්තු සංශෝධනයේ දී ඉහළ දමා තිබේ.

අදාළ සම්පූර්ණ ගාස්තු සංශෝධනය පහතින් දැක්වේ,