බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ලැබෙන වර්ෂාවත් සමග ජල විදුලි නිෂ්පාදනය 14% දක්වා ඉහළ ගොස් ඇතැයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ පවසා ඇත.

බොහෝ ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් පැවැතිය ද ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට තවමත් සැළකිව යුතු වර්ෂාපතනයක් ලැබී නොමැති බවද රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දී තිබේ.

වියළි කාලගුණික තත්වය හේතුවෙන් පසුගිය දිනවල ජල විදුලිය නිෂ්පාදනය 11% ත් 12% ත් අතර ප්‍රතිශතයකකට පහත වැටී පැවැතිණි.

මේ අතර, සමනල වැව ජලාශයේ ජල කාන්දුව වසාදැමීම සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදුකරමින් ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.