ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත ජල සම්පාදන අංශයේ නව ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පත්වා තිබේ.

මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රතිපත්ති සැලසුම් සහ අධීක්ෂණ රාමුව පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත.

දේශගුණයට ඔරොත්තු දෙන, ආරක්ෂිත සහ පාරිසරික වශයෙන් තිරසාර ජල සැපයුම් පද්ධති කළමනාකරණය ශක්තිමත් කිරීම, ජල මෙහෙයුම්වල පාලනය, තිරසාර බව, කාර්යක්ෂමතාව, ඔරොත්තු දීමේ හැකියාව, සහ ධාරිතාව සඳහා ප්‍රතිපත්ති රාමුව ශක්තිමත් කිරීම යන කරුණු මූලික කර ගනිමින් අදාළ ප්‍රතිසංස්කරණ සිදු කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවූ බව සඳහන් වේ.

මෙම ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය කාර්යාලය, ජල සම්පාදන අමාත්‍යාංශය හා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.