ජල සහ මලාපවාහන ගාස්තු සංශෝධනය කිරීම සඳහා අනුමැතිය ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව අඩු ආදායම්ලාභී කාණ්ඩයන්ට සහ අධ්‍යාපනික, ආගමික හා පොදු ජල සැපයුම් ආශ්‍රිතව ලබා දී ඇති සමාජ ආරක්ෂණ පදනමට අවම බලපෑමක් වන පරිදි මෙම සංශෝධනය සිදු කිරීමට නියමිතය.

ආරක්ෂිත ජලය හා සනීපාරක්ෂාව සඳහා ප්‍රවේශ වීමේ අවස්ථා පුළුල් කිරීම, සේවයේ ගුණත්මිකභාවය වැඩි දියුණු කිරිම සහ තිරසර ජල සම්පත් භාවිතයන් ක්‍රියාත්මක කිරීම ආදී අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි ජාතික ජල සම්පාදක හා මලාපවාහන මණ්ඩලයේ මූල්‍ය ශක්‍යතාව සහ තිරසරභාවය තහවුරු කර ගත යුතු බැවින් මෙම සංශෝධනය සිදුකරන බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වේ.