සිංහළ සිනමාවේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක වූ  උදුලා දාබරේ මෙනවිය ඊයේ (26) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

“කැළෑ හඳ” චිත්‍රපටයේ සුළු චරිතයකින් සිංහල සිනමාවට පිවිසි එතුමිය, වරදකාගේද (1954), රදළ පිළිරුව(1954) යන චිත්‍රපට වල විවිධ චරිතවලට පෙනී සිටිමින් අතිශය ජනප්‍රියත්වයට පත් වූවාය. එතැන් සිට සිනමාස්ගේ දොස්තර (1956) , දුප්පතාගේ දුක(1956), දස්කම(1958), ගැහැණු ගැට(1959), නළඟන(1960), පිරිමියෙක් නිසා(1960), සුවිනීත ලාලනී(1961), දරුවා කාගේ ද (1961), සුළලිත ශෝභිනී(1964), සුභ සරණ සැප සිතේ(1964), සැකය(1965), සීගිරි කාශ්‍යප(1966), කපටිකම(1966), මනමාලයෝ සරණ (1967), අක්කා නගෝ(1968), සූරයන්ගෙත් සූරයා(1969), දැන් මතක ද(1970) හිතුවක්කරයෝ (1977), සැලී(1978), චණ්ඩි සිරියා (1983)  ආදී චිත්‍රපට සඳහා සිය රංගන දායකත්වය ලබා දී ඇත.

ඉන් වසර ගණනාවක නිහැඩියාවකින් පසු රන් දිය දහර (2004) චිත්‍රපටයෙන් නැවත සිනමාව හා එක් වු ඇය අවසන්වරට උදයකාන්ත වර්ණසූරියගේ මධුර චාරිකා (2018) චිත්‍රපටයට සිය රංගන දායකත්වය ලබා දුන්නාය.

මිය යන විට 87 වන වියෙහි පසුවූ ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27) ප.ව. 4.00ට මත්තෙගොඩ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත ය.