උමාරා සිංහවංශ ගෙ ජාතික ගීය මුවාවෙන් ජාතිවාදයක් ඇවිස්සීමට ඇතැම් අය කටයුතු කරන බවට චෝදනා කරමින් මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ප්‍රසංග ප්‍රනාන්දු මහතා සහ නීතිඥ සේනක පෙරේරා යන මහත්වරුන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

රටේ පවතින දුෂ්කරතා සහ දේශපාලන අස්ථාවරභාවය මධ්‍යයේ රටේ ජාතිවාදය අවුස්සා වෙනත් අරමුණු ඉටුකර ඉටුකරගැනීමට උත්සාහ කරන පිරිසක් සිටින බවට මෙහිදී චෝදනා කර තිබේ.

ජාතිවාදය මතින් කුමන හෝ බලයට පැමිණීමට දරන උත්සාහයන් අතරේ විටින් විට ජාතිවාදය අවුස්සා ක්‍රියාකරන බව ද සදහන් වේ.

එවැනි කුමන්ත්‍රණ පිළිබඳ සොයා බලා පරීක්ෂණ ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත.