ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව සමග තරගය ඊයේ පැවැත්වෙන අතරතුරදී හදිසියේම JARVO 69 යනුවෙන් සඳහන් ජර්සියක් පැලඳ පුද්ගලයෙකු ක්‍රීඩා පිටියට පැමිණියේය. ඒ අනුව ඔහුව පිටියෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි.

ජාවෝ 69 යනු යු ටියුබ්හි ප්‍රහසන වීඩියෝ සිදු කරන ජනප්‍රිය පුද්ගලයෙකි. ඔහුගේ සත්‍ය නම වනයේ ඩැනියල් ජාවිස්ය. ඔහුගේ විනෝදාංශය වී ඇත්තේ මේ ආකාරයෙන් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ ආක්‍රමණය කර ඉන් ජනප්‍රියත්වයක් ලබාගැනීමයි.

Jarvo ඉන්දියාව සම්බන්ධ ජාත්‍යන්තර ක්‍රීඩාවක් ආක්‍රමණය කළ සිව්වන අවස්ථාව මෙය වන අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔහුට ලෝක කුසලානයේ ඉතිරි තරග සඳහා සහභාගී වීම තහනම් කර තිබේ.