අද (09) අලුයම අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතය.

දේහය හෙට (10) වැනිදා උදෑසන 7.30 සිට රාත්‍රී 11 දක්වා මහජන ගෞරව පිණිස කොළඹ 08 බෞද්ධාලෝක මාවතේ “ජයරත්න Respect Home” හිදී තැන්පත් කරන බව ද සඳහන් වේ.

එදින සවස 3ට රාගම ශුද්ධවූ පේදුරු හා පාවුළු දේවස්ථානයේ දී අවසන් කටයුතු සිදුකරන බව පවුලේ ඥාතීන් දැනුම් දී ඇත.

මේ අතර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය අද සවස අංක 57, වනිගසූරිය වත්ත, රාගම පාර, කඩවත යන පෞද්ගලික ලිපිනයේ තැන්පත් කර ඇති බව දැනුම් දී තිබේ.