ජ්‍යේෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අද(09) අලුයම අභාවප්‍රාප්ත වී ඇත.

ඔහු රිය අනතුරකට ලක්ව මාස 14 ක් පමණ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දී අද අලුයම ඔහු මිය ගොස් තිබේ.

මිය යන විට ඔහු 65 වන වියේ පසු විය.

පසුගිය 2022 වසරේ ජුලි මස 22 වනදා, ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනෙකු ගමන්ගත් කැබ් රථයක් අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දී වන අලියෙකුගේ ගැටී හදිසි අනතුරකට ලක්ව විය.

එහිදී බරපතල තත්ත්වයෙන් සිටි ජැක්සන් ඇන්තනී මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණු අතර, අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මඟින් කොළඹ ජාතික රොහල වෙත රැගෙන එනු ලැබීය.

අනතුරුව ඔහු කොළඹ ජාතික රොහලේ දැඩි සත්කාර ඒකකයේ වසර එක හමාරකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (09) අලුයම මෙලෙස අභාවප්‍රාප්ත විය.