හෙළ සිනමාවේ අසහාය රංගන පෞර්ෂය ලෙස හැඳින්වෙන ජැක්සන් ඇන්තනී මහතාගේ අවසන් කටයුතු අද (12) සිදු කිරීමට නියමිතව ඇත.

ඒ අනුව මහජන ගෞරව දැක්වීම සඳහා දේහය අද දහවල් 12.00 දක්වා නිවසේ තැම්පත් කර ඇති අතර සවස 3.00 ට නිවසේ ආගමික පිළිවෙත් ආරම්භ කිරීමට නියමිතය.

ඉන් අනතුරුව නිවසේ ආගමික කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව අවමංගල පෙරහර රාගම පේදුරු පාවුළු දේවස්ථානයට ලගා වීම සිදු කෙරෙන අතර සවස 5.00 ට දේහය මිහිදන් කිරීමට නියමිත බවයි පවුලේ ඥාතීන් සඳහන් කර තිබේ.

වැඩසටහන් රූගත කිරීමක් සඳහා අනුරාධපුර ප්‍රදේශයට ගොස් යළි පැමිණෙමින් සිටියදී තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දී ඔහු ගමන් ගත් කැබ් රථය වන අලියෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුවූ අතර ඔහු මාස 14 ක් පමණ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර පසුගිය 09 වනදා අලුයම ඔහු අභාවප්‍රාප්ත විය.