ජීවත්ව සිටි වයස්ගතම පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සැලකුන හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Rustom Cooper ජීවිතක්ෂයට පත්ව තිබේ. මියයන විට ඔහු වයස අවුරුදු 100යි දින 229ක් විය.

1922 දෙසැම්බර් 14වැනිදා බොම්බායේ උපත ලද කූපර් පසුගිය දෙසැම්බර් මාසයේදී 100වැනි වියට පා තැබීය. ඔහු 1941 සිට 1951 දක්වා පළමු පෙළ තරග 22කට ක්‍රීඩා කර ඇති අතර ලකුණු 1,205ක් ලබාගෙන ඇත්තේ සාමාන්‍ය 52.39ක් ලෙසින් පවත්වා ගනිමිනි. ඔහු පෙරේදා මුම්බායිහි ඔහුගේ නිවසේ නිදා සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. කූපර් එංගලන්තයේදීද පළමු පෙළ තරග ක්‍රීඩා කර තිබේ.