දකුණු කොරියාව සම්පූර්ණ ශරීරයෙන් යුත් ලිංගික බෝනික්කන් ආනයනය කිරීමට අවසර දී ඇති බව වාර්තා වේ. ඒ එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒවා “අසභ්‍ය ද්‍රව්‍ය” නොවන බවට තීන්දු කිරීමෙන් වසර තුනකට පසුවය.

කොරියානු රේගු සේවය විසින් ජූලි මාසයේ සිට සිරුරේ ලිංගික අවයව නිරූපණය කරන, ජීව ප්‍රමාණයේ නොවන ලිංගික බෝනික්කන් ආනයනය කිරීමට අවසර ලබා දී තිබුනි.

නමුත් විදෙස් මාධ්‍යය වාර්තා වලට අනුව, උස බර සහ මුහුණ මත පදනම්ව බාල වයස්කරුවන් නිරූපණය කරන බෝනික්කන්ට තවමත් අවසර නොදෙන අතට නිශ්චිත පුද්ගලයකුගේ පෙනුමට සමාන බෝනික්කන් ද තහනම් කර ඇත

2019 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රේගු අධිකාරිය විසින් නිර්වචනය කර ඇති පරිදි ඇතැම් ජීව ප්‍රමාණයේ ලිංගික බෝනික්කන් ආනයනය කිරීමට අවසර ලබා දී තිබෙන බවද සඳහන්.

– සසිදු සහන් තාර​ක