එළැඹෙන ජුනි 30 වනදා (සිකුරාදා) විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ඒ මේ මස 29 වැනිදා හජ් උත්සවය නිමිත්තෙන්ය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (22) නිකුත් කර ඇත.