ජුනි මස 30 වනදා රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස නිවේදනය කර ඇති බැවින් එදින කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මීට පෙර රජය විසින් එළැඹෙන සිකුරාදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පුර්ණයෙන් අවසන් කිරීම සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමට ජූනි 30 වනදා බැංකු නිවාඩු දිනයක් බවට පත්කළ බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව රජය සහ මුදල් අමාත්‍යාංශය එක්ව මේ මස 30 වන දින බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.