ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙරට ප්‍රදේශ තුනක සිය විද්‍යුත් බිල්පත් ක්‍රමය ජූලි මාසයේදී දියත් කරන බව සදහන් වේ.

ඒ අනුව දෙහිවල, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශවලට 2023 ජූලි 01 වැනිදා සිට විද්‍යුත් බිල්පත් නිකුත් කරන බව Twitter පණිවිඩයක් නිකුත් කරමින් විදුලිබල මණ්ඩලය නිවේදනය කර ඇත.

එමෙන්ම කෙටි පණිවුඩ හෝ විද්‍යුත් තැපෑලෙන් විදුලි බිල්පත් ලබා ගැනීමට ලියාපදිංචි වන ලෙස ද එම ප්‍රදේශ වල ජනතාවට එමඟින් දැනුම් දී තිබේ.

කෙටි පණිවුඩ මගින් විදුලි බිල්පත් ලබා ගැනීමට කැමති අය REG <හිස්තැනක්> A/C අංකය ටයිප් කර 1987 ට SMS කරන ලෙස දැනුම් දිය යුතුය.

විද්‍යුත් තැපෑලෙන් ලියාපදිංචි වීමට කැමති පාරිභෝගිකයින්ට www.ebill.ceb.lk වෙත පිවිසීමෙන් එසේ කළ හැකි වේ.