තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෙරොම් ප්‍රනාන්දු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ තිබූ රිට් පෙත්සම ඉල්ලා අස්කර ගෙන තිබේ.

අදාළ පෙත්සම අද (ජූනි 21) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා ඇත.

ඒ අනුව, පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර දී තිබේ.

ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණයක් සිදුකරන හෙයින් එම පෙත්සම විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කරන ලෙස රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මීට පෙර අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබිණි.