වීසා කාලය දීර්ඝ නොකිරීම හේතුවෙන් ජෝර්දානයේ කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු ශ්‍රී ලාංකික 200කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇත.

ඔවුන් මේ වනවිට සේවය කරනු ලබන්නේ, ජෝර්දානයේ, සහාබ්හි අල් ජුමාත් කර්මාන්ත පුරයේ අසීල් නැමැති කර්මාන්ත ශාලාවකය.

මේ වනවිට වීසා දීර්ඝ නොකිරීම ඇතුළු තවත් ගැටලු රැසකට තමන් මුහුණපා සිටින බවට සඳහන් වේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.