චීන ජනාධිපතිවරයා ඒකාධිපතියෙක් බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් චෝදනා කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

කැලිෆෝනියාවේ පැවති මුදල් රැස් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

චීන ජනාධිපති සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අතර සාකච්ඡා පවත්වා දිනකට පසු ඔහු මේ බව ප්‍රකාශ කිරීම විශේෂත්වයක් ලෙස මාධ්‍ය වාර්තා කර තිබේ.

බයිඩන් ගේ චෝදනාවට චීනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැති බව ද සඳහන් වේ.