ටයිටනික් නැවේ සුන්බුන් බැලීමට පිටත්ව ගිය සබ්මැරීනයක් අත්ලාන්තික් මුහුදේ අඩි 12.500ක් ගැඹුරු මුහුදේ අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

ඇමෙරිකානු සංචාරක සමාගමකට අයත් සබ්මැරීනයක් මෙසේ අතුරුදහන් ඇත.

අදාළ යාත්‍රාව ගමන් ආරම්භ කර පැයයි මිනිත්තු 45 ක් තුළ එහි සියලු සබඳතා ඇණහිට ඇති බව විදෙස් මාධ්‍ය තව දුරටත් සඳහන් කරයි.

සංචාරකයින් පස් දෙනෙකු මෙහි ගමන් කර ඇති අතර දින 04කට ප්‍රමාණවත් තරම් වන ඔක්සිජන් යාත්‍රාව තුළ ඇති බැවින් එහි ගමන් කළ පිරිස නිරුපද්‍රිතව බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව අමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය මාධ්‍යය ඉදිරියේ කියා සිටියි