ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණයක්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවා ඇත.

ඒ, ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධි විධානයකට අනුවය.

තීන්දුවට අනුව, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් ට 2024 ජනාධිපතිවරණය සඳහා කොලරාඩෝ ප්‍රාන්තයෙන් තරග වැදීමට අවස්ථාව අහිමි වෙයි.

අධිකරණ තීන්දුව සම්බන්ධයෙන්, අදාළව අභියාචනා ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපති ට්‍රම්ප්ට අවස්ථාව හිමිවී ඇතැයි ඔහුගේ නීතීඥවරු පවසති.