දැනට ක්‍රියාත්මක වන පාතාල හා මත්ද්‍රව්‍ය මෙහෙයුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අතරතුරදී මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාලයකු දුරකථනයෙන් මරණ තර්ජනය කර තිබේ.

ස්ථාවර රටකට යන තේමාව යටතේ මෙම මාධ්‍ය හමුවූ ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවති අතර ටිරාන් අලස් මහතා ‌තේ පැන් සංග්‍රහයක් සඳහා අමුත්තන්ගේ කාමරයට ගිය අවස්ථාවේදී මෙම දුරකථන ඇමතුම ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

විදේශ රටක සිට පැමිණි මෙම දුරකථන ඇමතුම හරහා තර්ජනය කර ඇත්තේ තව පෝය හතක් ඇතුළත අමාත්‍යවරයා පිළිබඳ බලා ගන්නා බවට තර්ජනය කරමින් බව පැවසේ.

කෙසේ වෙතත් මෙම ගෙනයන මත්ද්‍රව්‍ය වැටලීම් සහ පාතාල මැඩ පැවැත්වීමේ මෙහෙයුම් නතර නොකරන බවද අමාත්‍යවරයා පවසා තිබේ.