මේ දිනවල පැවැත්වෙන කැනේඩියානු විවෘත ටෙනිස් තරගාවලියේදී 2023 විම්බල්ඩන් ටෙනිස් ශූරයා වන ස්පාඤ්ඤයේ කාලෝස් ඇල්කරාස්ට සහ ශ්‍රේණිගතකිරීම්හි දෙවැනි තැන සිටින ඩැනියල් මෙද්වඩෙව්ට දරුණු පරාජයන්ට මුහුණ දීමට සිදුව තිබේ.

මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී කාලෝස් ඇල්කරාස් ඇමෙරිකානු ටෙනිස් ශූරයෙකු වන ටොමී පෝල් හමුවේ 3-6, 6-4ක් සහ 3-6ක් ලෙස පරාජය වී ඇත. ටොමී පෝල් ලෝක ටෙනිස් ශූරතා ලැයිස්තුවේ 12වැනි ස්ථානයේ සිටි ක්‍රීඩකයෙකු වීම විශේෂත්වයකි.

එමෙන්ම ඩැනියල් මෙද්වඩෙව් තවමත් ශ්‍රේණිගත කිරීම්හි ඇතුළත් නොවන ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩක ඇලෙක්ස්.ඩී.මිනෝර් හමුවේ 7-6ක්, 9-7ක් සහ 7-5ක් ලෙස පරාජය වී තිබේ.

මේ අතර කැනේඩියානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ලෝක ශූර ඇල්කරාස් පවසා ඇත්තේ තමන් එම තරග කිසිවක් හොඳින් ක්‍රීඩා නොකළ බවට හැඟෙන බවත්, එක්සත් ජනපද ටෙනිස් ශූරතාවට තවත් සති කිහිපයක් ඇති බැවින්, වඩාත් අවධානයෙන් පුහුණුවීම්වල නිරත වීමේ අවශ්‍යතාවක් ඇති බවත්ය.