22 වන ඩකා අන්තර්ජාතික සිනමා උලෙළේ ප්‍රමුඛතම අංශයක් වන ආසියානු තරගකාරී අංශය යටතේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ”රහස් කියන කඳු” චිත්‍රපටය වෙනුවෙන් ජගත් මනුවර්ණ විසින් දිනාගෙන තිබෙනවා.

ඩකා අන්තර්ජාතික සිනමා උලෙළට මෙවර රටවල් 70ක් නියෝජනය කරමින් සිනමාපට 220කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

‘රහස් කියන කඳු’ චිත්‍රපටය ජගත් මනුවර්ණගේ කුළුඳුල් චිත්‍රපටය වන අතර, 2023 රොටර්ඩෑම් සිනමා සම්මාන උළෙලේ දී ද සම්මානයට පාත්‍ර වුණා.