පසුගිය 20 වන දා පාර්ලිමේන්තු භූමියේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් තවමත් තීන්දුවක් ගෙන නැති බවත් ඒ පිළිබඳව මුද්‍රිත මාධ්‍ය තුල සංසරණය වන පුවත් අසත්‍ය බවත් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බවත් සදහන් වේ.

කතානායකවරයා මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කරන ලද කමිටුවේ සාමාජිකයින් දෙදෙනෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මකාර් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් මේ පිළිබඳව කතානායකවරයා දැනුවත් කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

තවදුරටත් මෙම සංසරණය වන සාවද්‍ය තොරතුරු පිළිබඳව අවදානය යොමුකරන මෙන් කමිටුවේ සාමාජිකයින් කතානායකවරයාගෙන් ඉල්ලීම් කර මෙම ප්‍රකාශය නිකුත් කර තිබේ.

ඊයේ දිනයේදී මෙම කමිටුව රැස්වී දෙපාර්ශවයෙන්ම සාක්ෂි සටහන් කර ඇති බවත් එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේදී තීන්දුව ප්‍රකාශයට පත්කරන බවත් අප වෙත නිල නොලත් ආරංචි මාර්ග වලින් තොරතුරු ලැබී ඇත.