සංචාරක හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සිය නිල වාහන තුනක් පසුගිය 10 වැනිදා සිකුරාදා නිලධාරීන්ට බාර දි ඇති බව වාර්තා වේ. එයට අමතරව ලිපි ලේඛන ලබන 21 වැනිදා බාරදීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටලුව මත ඩයනා ගමගේගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් අහෝසි කෙරුණු අතර ඒ අනුව ඇය මෙතෙක් රජයෙන් ලබාගෙන ඇති වාහන ඇතුළු සියලු දේපළ රජයට යළි බාරදීමට සිදුවනු ඇත.

කෙසේ වෙතත් ඩයනා ගමගේ විසින් අමාත්‍ය නිල නිවාසයක් ලබාගෙන නැති බවටයි වාර්තා වන්නේ.