රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ,සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන අය අතර පාර්ලිමේන්තුව සංකීර්ණයේ දී පසුගියදා ඇති වූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අද (09) දිනයේ අවසන් තීරණයක් ලබාදීමට නියමිතය.

එම සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ  විසින් මේ බව පවසා ඇත.

සිද්ධිය විමර්ශනය කිරීමට කථානයක මහින්ද යාපා අබේවර්ධන විසින් නියෝජ්‍ය කාථානායක අජිත් රාජපක්ෂගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත්කරනු ලැබීය.

එම කමිටුව පසුගිය සඳුදා දෙවන දිනටත් රැස් වූ අතර අදාළ මන්ත්‍රීවරුන් තිදෙනාම පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි වන පරිදි කටයුතු කර ඇති බවට මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

ඒ අනුව අද තෙවන දිනටත් කමිටුව රැස්වන අතර එහිදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ලබාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ  සඳහන් කර ඇත.