එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට එක්ව සිටින ජාතික කණ්ඩායමට අතිරේක ක්‍රීඩකයන් තිදෙනෙකු එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේය.

ඒ අනුව ඩිල්ෂාන් මධුශංක, දුනිත් වෙල්ලාලගේ සහ සහන් ආරච්චිගේ එම අතිරේක ක්‍රීඩකයන් ලෙස ජාතික කණ්ඩායමට එක්වීමට නියමිත අතර, ඔවුන් එළඹෙන 23වැනිදා බුලවායෝහිදී ජාතික කණ්ඩායමට එක්වීමට නියමිතය.