ශ්‍රී ලංකා කණ්ඩායමේ වමතින් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ ආරංචිමාර්ගවලට අනුව, මධුශංකගේ උදරයේ යටි ප්‍රදේශයේ මාංශ පේශී ආබාධයක් ඇති බැවින් ඔහුට ආසියානු කුසලාන තරගාවලිය ක්‍රීඩා නොකර විවේක ගන්නා ලෙස උපදෙස් දී ඇති බව වාර්තා වේ.

ඔහු වෙනුවට බිනුර ප්‍රනාන්දු හෝ නුවන් තුශාර ආසියානු කුසලාන සංචිතයට නම් කිරීමට නියමිත බවද ආරංචිමාර්ග සඳහන් කරයි.