පැවැති වැසි තත්ත්වය සමග යලිත් ඩෙංගු රෝගින්ගේ ඉහල යෑමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසා ඇත.

මේ හේතුවෙන් මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඉවත් කිරීම සියලු පාර්ශවවල වගකීමක් බව ප්‍රජා වෛද්‍ය නිළධාරී වෛද්‍ය ඉන්දික වීරසිංහ සඳහන් කර තිබේ.

මෙම වසරේ ගතවු කාලය තුල ඇතැම් සතිවලදි සතියකට ඩෙංගු රෝගින් 2700 ක් පමණ වාර්තා වු බවත් පසුව සතියකට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 600 ක් දක්වා අඩුවූ බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

මේ හේතුවෙන් මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඉවත් කිරීමට කටයුතු කරමින් ජනතාව දක්වන සහයෝගය ඉදිරියටත් අපේක්ෂා කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කර ඇත.