පවතින අයහපත් කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් සිදුවෙමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසා ඇත.

ඒ අනුව මේ වනවිට ඩෙංගු අධිඅවදානම් කලාප 45ක් හඳුනාගෙන ඇති බවයි එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් රණවීර සඳහන් කර තිබේ.

වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73000 ඉක්මවා ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.