මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවස ඇත.

රෝගීන්ගෙන් සියයට 50ක් බස්නාහිර පළාතෙන් හදුනාගෙන ඇති අතර මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වලින් ද සැළකිය යුතු ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බව වාර්තා වේ.

නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලින් ද සැළකිය යුතු ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් හදුනාගෙන ඇති බව ජාතික ඩෙංගුමර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කර ඇත.

ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම තවදුරටත් පවතින බව ද වෛද්‍ය නලීන් ආරියරත්න මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.