ක්‍රීඩා ඇමැතිට සහ පොහොට්ටු මන්ත්‍රීට ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ගුරුවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී ඇති බවත් එම  විරෝධය හමුවේ ඇමැති, මන්ත්‍රී ආපසු හැරී ගොස් ඇති බවත් වාර්තා වේ.

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ දෙවන අධියර( තණ පිඩලි ඇල්ලීමේ අවස්ථාව) උත්සවාකාරයෙන් ආරම්භ කිරීම සඳහා අද (25)  ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ, ක්‍රීඩා රාජ්‍ය ඇමති රෝහණ දිසානායක සහ පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී යූ. කේ. සුමිත් ඇතුළු පිරිස විදුහලට පැමීණීමට එරෙහිව මෙම විරෝධය පල කර තිබේ.

එමෙන්ම ඊයේ (24)  දිනයේ කොළඹ පැවති ගුරු විදුහල්පති විරෝධතාවයට පහරදීමට එරෙහිව ද විදුහලේ සියලු ගුරුවරුන් පාසල ඉදිරිපිට විරෝධතාවය පවත්වා ඇත.

මෙම දැඩි විරෝධය හේතුවෙන් පාසල් ආසන්නයට පැමිණි මෙම ඇමති මන්ත්‍රී පිරිස ආපසු හැරි ගොස් ඇති බවත් පසුව නිළධාරින් පිරිසක් පමණක් මෙම අවස්ථාවට සහභාගි වී ඇත.