ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රටේ ක්‍රිකට්වලට ආදරය කරන රසිකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ අද පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු තර්ජනක් හෝ බාහිර බලපෑමක් එල්ල නොවූ බවත් කුසල් පවසා සිටියේය.

එමෙන්ම විරාට් කෝලි සම්බන්ධයෙන් කුසල් බංග්ලාදේශ තරගයට පෙර දැක්වූ අදහස සම්බන්ධයෙන් කනගාටු වන බවද කුසල් එහිදී සඳහන් කළේය.