ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකා තර්ජිනී සිවලිංගම් ජාත්‍යන්තර දැල්පන්දු තරගවලින් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශ කළාය.

45 හැවිරිදි ඇය මෙවර නෙට්බෝල් ලෝක ශූරතාවලියෙන් පසු ජාත්‍යන්තර තරඟවලින් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ ක්ලබ් නෙට්බෝල් තරග ක්‍රීඩා කිරීමට ඇය කැමැත්ත පළ කර තිබේ.