ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට තරුෂි කරුණාරත්න සහ ගයන්තිකා අබේරත්න අද උදෑසන සමත් විය. එමෙන්ම ශ්‍රී ලංකා මීටර් 400×4 සහාය දිවීමේ කණ්ඩායමද එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

මීටර් 400×4 සහාය දිවීමේ ඉසව්වේ මූලික වටයේ දෙවැනි තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම විනාඩි 3.06.60ක් කාලයක් වාර්තා කරමින් මූලික වටයේ දෙවැනි තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගත්තේ අවසන් තරගයට සුදුසුකම් ලබාගනිමිනි.

මීටර් 800 මූලික වටයේ දෙවැනි තරගයට සහභාගී වූ ගයන්තිකා අබේරත්න එහි තෙවැනි ස්ථානය දිනාගනිමින් අවසන් තරග වරම් හිමි කර ගත් අතර, මීටර් 800 මූලික වටයේ තෙවැනි තරගයට සහභාගී වූ තරුෂි කරුණාරත්න එහි දෙවැනි ස්ථානය දිනාගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තාය.

මෙම ඉසව් දෙකේම අවසන් තරග හෙට සවස පැවැත්වීමට නියමිතය.