නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව අධිකරණයට යෑමට සමගි ජන බලවේගය පක්ෂය සැලසුම් කර ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසා ඇත.

එම පනත සංශෝධනය කර නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

මෙම පනත කුමන ආකාරයෙන් සංශෝධනය කළ ද එයට විරෝධය පළකරන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.