තිලීපන් සැමරුම් උත්සවයක් තහනම් කරමින් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්. 26) ආඥාවක් නිකුත් කර ඇත.

ත්‍රිකුණාමලය වරාය පොලිස් වසමේ කූල කොට්ටන් ශාලාව, ගාන්ධි වටරවුම හා ත්‍රිකුණාමලය පොලිස් වසම තුළ පොදු මහ ජනතාවට පීඩාවක් ඇති වන ආකාරයට තිලීපන් සැමරුම් උත්සවයක්, උද්ඝෝෂණයක්, පෙළපාලියක් හෝ විරෝධතා නොපවත්වන ලෙසට අධිකරණය මෙම ආඥාව නිකුත් කර තිබේ.

ඒ අනුව, ත්‍රිකුණාමලය දෙමළ සංසදයේ සභාපති ආර්.එෆ්. ජෙරම්, ත්‍රිකුණාමලය දෙමළ ජාතික සංසදයේ කමිටු සාමාජික රමේෂ් නිකලස්, මුතූර් ආබාධිත සංසදයේ සභාපති සුහිර්ද ප්‍රියා, ත්‍රිකුණාමලය ජනතා පෙරමුණේ තරුණ සංගමයේ සභාපති ක්‍රිෂ්ණ පිල්ලේ ශ්‍රී ප්‍රසාත්, මුතූර් මහවිරු කමිටුවේ සභාපති පම්පරසන් හෙවත් කන්දයියා කාන්දීපන්, කාර්තික් කල්කිරියන් හා ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයින් වෙත එම අධිකරණ ආඥාව නිකුත් කර ඇත.