එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද ලක්නව්හිදී පස්වරු 02.00ට ආරම්භ වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තරගයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුසල් මෙන්ඩිස්ට පැවරී තිබේ.

අද තරගයේදී දසුන් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කණ්ඩායම එක්කර ඇති අතර, ආබාධයකට ලක්වු මතීෂ පතිරණ වෙනුවට ළහිරු කුමාර බොහෝවිට ක්‍රීඩා කරනු ඇත.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩා කළ මුල් තරග 02ම පරාජය වී ඇති නිසා මෙම තරගය කණ්ඩායම් 02ටම තීරණාත්මක ‌වේ.