ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තමන්ට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන්හොත් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක  පවසා තිබේ. කෙසේ නමුත් තවමත් දසුන්ට එවැනි දැනුම්දීමක් සිදුකර නැත. දසුන් ශානක පවසා ඇත්තේ තේරීම් කමිටුවට තමන්ව නායකයෙකු ලෙස තවදුරටත් අවශ්‍ය නොවන්නේ නම් වහාම තමන් නායකත්වයෙන් ඉල්ලා අස්වන බවයි.

දසුන් ශානක ආසියානු කුසලානයේදී සහ ඊට පෙර පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේදී ලකුණු අතර සිටියේ නැත. කෙසේ නමුත් ඉදිරි දික 03 තුළ ලෝක කුසලාන සංචිතය නිවේදනය කළ යුතුව තිබේ.