මෙරට තේ වගාව සඳහා අවශ්‍ය පොහොර නිෂ්පාදන මිලටම ලබා දීමට රජයට අයත් පොහොර සමාගම් දෙක එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

තේ වගාව සඳහා අවශ්‍ය වන පොහොර සහන මිලකට දෙන ලෙස තේ කර්මාන්තකරුවන්ගේ ස්වාධීන සංගමය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇත.

රජයට අයත් ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම විසින් දැනට තේ, කුරුඳු, පොල් ඇතුළු වැවිලි බෝග වර්ග සඳහා විශේෂ මිශ්‍ර පොහොරක් නිෂ්පාදනය කරනු ලබයි.

මෙම පොහොර තේ වගාව සඳහා ඉතා උචිත වන අතර එම පොහොර සහන මිලකට තේ කර්මාන්තකරුවන්ට ලබා දීම සම්බන්ධව අමාත්‍යවරයා රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපතිවරයා වන ආචාර්ය ජගත් පෙරේරා සමග සාකච්ඡා කළ බවද අමාත්‍යාංශය සඳහන් කර ඇත.

Tea picking by women in Gall, Sri Lanka / [Dinuka Gunawardana /Xposure]

Tea picking by women in Gall, Sri Lanka / [Dinuka Gunawardana /Xposure]