දකුණු අප්‍රිකානු පිලේ හිටපු නායක ඩීන් එල්ගාර් ඉන්දියාව සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

එල්ගර් මේ වනවිට දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 84කට සහභාගි වෙමින් ලකුණු 5146ක් රැස් කරගෙන තිබේ. ඊට ශතක 13ක් සහ අර්ධ ශතක 23ක් ඇතුළත්.