දකුණු කොරියානුවන්ගේ වයස අද (28) සිට වසරකින් හෝ වසර දෙකකින් අඩු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඊට හේතුවී ඇත්තේ මෙතෙක් ඔවුන් අතර පැවති සාම්ප්‍රදයික වයස ගණනය කිරීමේ ක්‍රමය අතහැර ඔවුන් ජාත්‍යන්තරය පිලිගත් ක්‍රමවේදයට අනුව වයස ගණනය කිරීමය.

එනම් මෙලොව උපත ලද දිනයේ සිට වයස ගණනය කිරීමේ ක්‍රමවේදයයි.

දකුණු කොරියානු සම්ප්‍රදායට අනුව ඔවුන් මෙතෙක් වයස ගණනය කරනු ලබන්නේ මව්කුස පිලිසිඳගත් දින සිට හෝ ජනවාරි පළවැනිදා සිට වේ.

එම ක්‍රමය හරහා ජාත්‍යන්තර කටයුතුවලදී ගැටලු රැසකට මුහුණදීම හේතුවෙනුයි ඔවුන් මෙම නව ක්‍රමයට අවතීර්ණ වී ඇති බවද සදහන් වේ.