LPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට Dambulla Aura කණ්ඩායම සමත් විය.
ඒ Galle Titans කණ්ඩායම කඩුලු 06කින් පරාජයට පත් කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනූ අවුරා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ටයිටන්ස් වෙත ලබාදුන්නේය. ඒ අනුව පන්දුවාර 20 අවසානයේ ටයිටන්ස් කණ්ඩායමට සියල්ලන් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 146කි.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ලසිත් කෘස්පුල්ලේ පන්දු 61කදී ලකුණු 80ක් ලබාගත්තේය. අවුරා වෙනුවෙන් Hayden Kerr කඩුලු 03ක් බිඳහෙළීය.

අනතුරුව ලකුණු 147ක ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි අවුරා කණ්ඩායම පන්දුවාර 19.4 අවසානයේ කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 147ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය කළේය.

එහිදි කුසල් මෙන්ඩිස් ලකුණු 49ක් ලබාගෙන සිටියදී දැවී ගිය අතර විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා පන්දු 39කදී ලකුණු 53ක් රැස් කළේය. ඊට හයේ පහර 03ක් සහ හතරේ පහර 04ක් ඇතුළත් විය.

මේ අනුව ඉරිදා පැවැත්වෙන එල්.පී.එල් අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් විය.