ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය දේශපාලන මණ්ඩලයේ අනුමැතියට යටත්ව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අත්හිටුවා තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී ඊයේ (05) රැස්වූ දේශපාලන මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවමින් දයාසිරි ජයසේකර මහතා වෙත පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන විසින් යවනු ලැබූ ලිපියේ දැක්වෙන්නේ පක්ෂ ව්‍යවස්ථාව අනුව ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් ද සිදු කරන බවය.

දින 14ක් තුල චෝදනා පත්‍රය එවන බවද එම ලිපියේ සඳහන් වේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස එම පක්ෂයේ වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කළ සරත් ඒකනායක මහතා පත්කර ඇත.

එමෙන්ම මෙම දේශපාලන මණ්ඩලය ගනු ලැබූ තීරණයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව දයාසිරි ජයසේකර මහතා පවසා තිබේ.