රටේ උපත් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් පාසල්වලට අවුරුදු පහ සම්පූර්ණ කළ දරුවන් ඇතුළත් කිරීම 50,000 කින් පමණ අඩුවී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පවසා ඇත.

පාසල්වලට දැනට ඇතුළත් කෙරෙන්නේ දරුවන් දෙලක්ෂ අනූ දෙදහසක පමණ පිරිසක් බවත් මීට වසර දහයකට පෙර පාසල් වලට දරුවන් තුන්ලක්ෂ හතළිස් දහසක් පමණ ඇතුළත් කෙරුණු බවත් ඔහු සඳහන් කර ඇත.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.